ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් 3à¶šà¶§ අත්සන් කෙරේ

ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ඇතුළු ගිවිසුම් 03à¶šà¶§ ඊයේ (03) පස්වරුවේ අත්සන් තබා à¶­à·’à¶¶à·š.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව මෙම ගිවිසුම්වලට අත්සන් තැබුණේ, ජනාධිපති කාර්යාලයේදීයි.

අත්සන් à¶šà·… ගිවිසුම් අතරට මැණික් හා ස්වර්ණාභරණ à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයට අදාළ අවබෝධතා ගිවිසුමක් සහ නව ගුවන් සේවා ගිවිසුමක් වේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය à¶…à¶­à¶» වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් යන මහත්වරුන් ඉදිරියේ සිදුවිය.

ගිවිසුමට අත්සන් à¶šà·…à·š, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් à¶´à·Š‍රනාන්දු යන මහත්වරුන් විසිනි.

මෙම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාම, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධක, වෙළෙඳ à¶´à·Š‍රතිකර්ම, සේවා වෙළෙඳාම, ආයෝජනය, රේගු à¶šà·Š‍රියාපටිපාටිය සහ වෙළෙඳ පහසුකරණය, ආර්ථික සහයෝගීතාව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, මූලික à¶´à·Š‍රතිපාදන, ආයතනික හා අවසාන à¶´à·Š‍රතිපාදන, විනිවිදභාවය සහ ආරවුල් විසඳිම යන à¶šà·Šà·‚à·šà¶­à·Š‍à¶» ආවරණය වන පරිදි පරිච්ඡේද 14කින් සමන්විතයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය à¶…à¶­à¶» ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබුවේ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ තායිලන්ත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය à¶…à¶­à¶» සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණි.

menu
menu