තෛපොංගල් දිනය අදයි

අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.

තෛපොංගල් දිනයේදී à¶´à·Š‍රධාන වශයෙන් සූර්යයා වන්දනාමාන කරනු ලබයි. ' තායි ' නම් දෙමළ මාසයේ පළමුවන දිනය හදුන්වනු ලබන්නේ ' පොංගල් ' නමිනි.

තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය à¶·à·Š‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. මෙම දිනයේදී සූර්ය දිව්‍ය රාජයා ගමන් කිරීම දකුණු දිග් භාගයේ අවසානය වන ' මකරම්' තෙක්ම සිදුවන නිසා මෙම තෛපොංගල් උත්සවය ' මකර සංක්‍රාන්තිය' ලෙසින්ද හැදින්වෙයි. තෛපොංගල් දිනයේදී නිවෙස් පිරිසිදු කොට සැරසිලි කොට ' පොන්ගල් පානෙයි' මුට්ටියක එළිමහනෙක 'පොංගල් à¶¶à¶­ 'උයති.එම පොංගල් à¶´à·Š‍රථමයෙන් හිරු දෙවියන්ට පූජා කරති. පොංගල් දිනයෙන් පසු 'මුතු පොංගල් දිනය' මෙන්ම ' කරිනාල් ' නම් වූ දිනයද උදාවෙයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි... මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි.... හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්ය දෙවියන්ට පූජා කිරිම මෙම සූර්ය මංගල දිනයේදී සිදුකරනු ලබයි. වසර 2000 à¶šà¶§ වඩා පැරණි මෙම තෛපොංගල් උත්සවය සෞභාග්‍යය හා ස්තූති කිරිම හා බැඳී පවතී.

මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්‍රයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන à¶…à¶­à¶» කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය à¶·à·Š‍රමනය මෙදින ඉන්දියාවේ ඇතැම් à¶´à·Š‍රදේශවල වලට, එනම් ආන්දර් à¶´à·Š‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් à¶´à·Š‍රදේශ, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් à¶´à·Š‍රදේශයන්ට පාරම්පරික නිවාඩු දිනයක් වේ.

menu
menu