පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට නොතීසි නිකුත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම හෙට (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය.

විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලැබූ නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය නිකුත් කිරීමට නියමිතව තිබුනේ අද (12) දිනයේදීය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍à¶» à¶´à·Š‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් à¶´à·Š‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි අද උදෑසන 9à¶§ තමාට දැනුම්දුන් බවය.

එම කරුණු තහවුරු කිරීම සඳහා විමල් වීරවංශ මහතාගේ ඇපකරුවන් හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා, à¶‘à¶šà·“ නොතීසි නිකුත් à¶šà¶» ඔහුගේ රෝගී තත්ත්වය à¶´à·’à·…à·’à¶¶à¶³ වෛද්‍ය වාර්තාවක් හෙට දිනයේ (13) අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙක් ලෙස කටයුතු à¶šà·… 2010 – 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගැනීමට නොහැකි රු මිලියන 75à¶šà¶§ ආසන්න මුදල් හා දේපළ සන්නකයේ තබාගැනීමේ වරද යටතේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරන ලදී.


menu
menu