කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.
අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවවේ එම වෙළඳසැලේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් සිටි බව වාර්තා සඳහන් වෙයි.

