එනවා කියූ මහින්දත් නොමැතිව නුගේගොඩ අද පැවැත්වෙන රැළිය

එකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පවත්වන රැළිය අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව පවත්වන එම විරෝධතා රැළිය නම් කර ඇත්තේ “මහා ජන හඬ” නමින්.

කෙසේවෙතත් එම රැළියට මීට පෙර සහභාගී වන බවට ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට සහභාගී නොවන බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට ද ඊට ආරාධනා නොකළ බවද ඔහු කියා සිටියා.

menu
menu