දෙවනගල විහාරයේ වැඩ කට යුතු වලට පිරිසක් බාධා කරන බවට චෝදනා

පෞරාණික බෞද්ධ උරුමයන් වන දෙවනගල සහ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉඩම් කොල්ලකෑමේ අන්තවාදී උත්සාහයන් පරාජය කරමු..!
පළාත් පාලන ආයතන බලය පිහිටුවීමේදී විපක්ෂයේ පළාත් පාලන සභිකයන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙමින් රහස් චන්ද පවත්වමින් බලය පැහැර ගන්නා අනුර ආණ්ඩුවේ අයථා ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කරමු.!
වර්තමාන ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යය තඹ සතේකට මායිම් නොකර විවිධ වරප්‍රසාද වරදාන ලබාදෙමින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේ ක්‍රියාවලීන්වල නිරතවීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව අද කොළඹ පැවති දේශප්‍රේමී ජාතික පෙරමුණේ මාධ්‍ය හමුවේදී සමාජ ක්‍රියාකාරික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි මහතා පැවසීය.
ඩයස්පෝරාවේ මුදල් වලට දණ නමා සිටින අනුර කුමාර දිසානයක ප්‍රමුඛ ආණ්ඩුව මේ මොහොත වන විට බෞද්ධ උරුමයන්ට අන්තවාදීන්ගෙන් එල්ල වෙන බලපෑම් හමුවේ මුනිවත රැකීම අතිශයින්ම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් කන්කසන්තුරේ තිස්ස විහාරය සහ
දෙවනගල විහාරය ආරක්ෂා කිරීම ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායකගේ වගකීමක් බවත් ව්‍යවස්ථාව අනුව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබී ඇති මොහොතක මෙම අන්තවාදීන් මෙලෙස කටයුතු කරන්නේ නම් රජය ගෙන ඒමට බලාපොරොත්තු වන නව ව්‍යවස්තාව මගින් බෞද්ධාගමට ලැබී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම තුළ ලංකාවේ සමස්ත බෞද්ධ විහාරස්ථාන සියල්ලට දැඩි තර්ජනයක් එල්ල වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය දිනවල අන්තවාදී කණ්ඩායමක් විසින් එම විහාරස්ථානයේ නීත්‍යානුකූලව මැන ඇති ඉඩම් මැණීමට ගන්නා ලද උත්සහයකදී ඊට එරෙහි වූ ස්වාමීන් වහන්සේට මුහුණදීමට සිදුවූ කටුක අත්දැකීම් පිළිබඳවද ඓශ්චර්‍ය මහතා වීඩියෝ ප්‍රදර්ශනය කරමින් අදහස් දැක්වීය.
තොරතුරු දැනගැනීමේ පනත මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කිරීම වෙනුවට තොරතුරු කොමිසමේ ප්‍රධානියා පත් නොකර කර අරමින් සිටින මෙම ආණ්ඩුව මේ මොහොත වන විට සියල්ල රහසේ කරන වංචනික ආණ්ඩුවක් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේය.