ඉරානයේ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබයි

ඊශ්‍රායලයේ ටෙල්අවිව් හා හයිෆා නගර සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි ගණනාවක් ගිනිගැනීම්, එක් ජීවිත හානියක් සහ තුවාලවීම් රැසක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

ටෙල්අවිව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලංකික කාන්තාවක් සේවය කරන නිවසේ ඇතිවූ දෙදරීම හේතුවෙන් පවුලේ අය සමඟ ඇය එම නිවසින් ඉවත්වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවා.

මේ අතර ඊශ්‍රායලයේ බැට් යෑම් ප්‍රදේශයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් එක් ශ්‍රී ලාංකික කාන්තාවකට සුළු තුවාල සිදු වී තිබෙනවා.

කඩාවැටුණු වීදුරුවක් එම කාන්තාවගේ දකුණු අතට වැටීමෙන් තැලීම් හා තුවාල සිදුවී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ

menu
menu