ශ්‍රී ලංකාවේ නව COVID - 19 ප්‍රභේදය ව්‍යාප්ත වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.
පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම තත්ත්වයට ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩු වීම ඇතුළු සාධක කිහිපයක් හේතුවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.