අගමැති හරිනිට තර්ජනාත්මක ඊ-මේල් පණිවිඩයක්

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට විද්‍යුත් තැපෑල ඔස්සේ මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළා.
පාර්ලිමේන්තුවේ පැවති නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ පැවති නියමන් විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අදාළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිළි කළා.