රනිල්ට කොකා පෙන්නපු රවීගේ නිවස අසල දැන් සිදුවන දේ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා නම්කර සිටින රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා
ඔහුගේ නිවස ආසන්නයේ යම් කලබලයක් ඇතිවිය හැකි බවට ලද තොරතුරක් මත මෙලෙස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා තොරතුරු වුණේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට දිස්ත්රික් ආසන 03ක් හිමිවු අතර ලබාගත් සමස්ත ඡන්ද ප්රමාණය අනුව ජාතික ලැයිස්තු මන්ත්රී ධූර දෙකක් ද හිමිවුණා.
ඉන් එක් ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයක් සඳහා රවී කරුණානායක නම් කර තිබුණේ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂ ලේකම්වරිය විසින් ඊයේ දිනයේ මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා
කොමිෂන් සභාව විසින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස රවී කරුණානායකගේ නම ගැසට් කර තිබෙනවා.
කෙසේ වෙතත් පක්ෂ ලේකම්වරිය විසින් ඔහුව ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය සඳහා නම්කර ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඒකාබද්ධ පක්ෂවල කිසිඳු අනුමැතියකින් තොරව බවටයි වාර්තා වන්නේ.

