හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ඉරාන හමුදා භාරයට!

හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකා දෙකක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සිය භාරයට ගෙන තිබේ. ඉරානයේ තස්නිම් පුවත් සේවය වාර්තා කරන පරිදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 'MSC Francesca' සහ 'Epaminondas' යන නෞකාවන්ය. ජාත්‍යන්තර නාවික නීති උල්ලංඝනය කිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව බව පැවසෙන අතර, මීට පෙර මෙම නෞකාවන්ට එම මුහුදු තීරයේදීම වෙඩි ප්‍රහාර එල්ල වූ බව ද වාර්තා වේ. අදාළ නෞකා මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇත."

menu
menu