පුංචි කාර්වලට වැඩි ඉල්ලුමක්
මෙරට වාහන වෙළඳපොලේ ලියාපදිංචි කිරීම් පසුගිය දෙසැම්බර් මාසය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
නොවැම්බර් මාසයේදී වාහන 43,810ක් ලියාපදිංචි වී තිබූ අතර, දෙසැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව 48,525 දක්වා වර්ධනය වී ඇති බවයි රටේ සමස්ත වාහන ලියාපදිංචි කිරීම් පිළිබඳ නවතම වාර්තාවක දැක්වෙන්නේ.
වාර්තාවට අනුව, සමස්ත ලියාපදිංචියෙන් 93.9% ක්ම නියෝජනය කරන්නේ එන්ජින් ධාරිතාව 1,000 cc ට අඩු හෝ විදුලි මෝටර් ධාරිතාව 100 kW ට අඩු කුඩා වාහනයි.
තවද, මෙම වාහන මිලදී ගැනීමේදී මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ප්‍රතිශතය දළ වශයෙන් 50% ක් පමණ වූ බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.
මෝටර් රථ ලියාපදිංචිය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය පෙර මාසයේ පැවති 3,691 සිට දෙසැම්බර් මාසයේදී 5,007 දක්වා වැඩි වී තිබෙනවා.

