මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි
ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බවරථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.
පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම කටයුත්තට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත්ය.

