ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරග පැවැත්වෙන දිනවල
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කොළඹ තරග පැවැත්වෙන දිනවලදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
එක්දින හා විස්සයි20 තරග 3 බැගින් සමන්විත වූ මෙම තරග සංචාරයේ දී පළමුව එක්දින තරග පැවැත්වෙන අතර, එම තරග ජනවාරි 22, 24 හා 27 යන දිනවලදී
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඒ අනුව එම තරග පැවැත්වෙන දිනයන් හිදී පහත සඳහන් මාර්ගයන්හි ඇති විය හැකි රථවාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දහවල් 1200 සිට තරග අවසන් වන තෙක් එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දන්වා සිටියි.

