ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනපති
තම ආණ්ඩුව යටතේ කිසිදු දිනක මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමිනි.
රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිටින ඇතැම් දුර්වල නිලධාරින් මේ ජාවාරම්කරුවන් සමඟ ඇත්වැල් බැඳගෙන සිටින බවද අනාවරණවී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එම නිසා ඉන් ඉවත් වන ලෙසට යළිත් වරක් තමා ඉල්ලා සිටින බවත් එසේ නොමැති නම් රාජකාරිවලින් ඉවත් වන ලෙසට දැනුම් දෙන බවද අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය.

