නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක් 

ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 284කි.

එහිදී කේ.එල් රාහුල් ලකුණු 112ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 56ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී ක්‍රිස්ටින් ක්ලාර්ක් කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 47.3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජයගත්තහ.

menu
menu