ඉරානයට අමෙරිකානු ප්‍රහාරයක් ආසන්න බවට ඉඟි පළවෙයි
අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉතා ආසන්න බව සියලු සංඥාවලින් පෙන්නුම් කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊට පූර්ව ආරක්‍ෂාවක් ලෙස මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කදවුරුවලින් ඇතැම් පිරිස් ඉවත් කිරිම මේ වනවිට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
කටාර්හි අල් උදෙයිත් ගුවන් කදවුරේ අමෙරිකානු මෙන්ම බි්‍රතාන්‍ය ජාතිකයින්ද ඉවත් කරගනිමින් සිටින බව බීබීසී පුවත් සේවයද වාර්තා කර තිබෙනවා.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයද තාවකාලිකව වසා දමා ඇති බවයි බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

