රගර් තරගය නරඹද්දි අතුරුදන් වුන මැණික්

මෝටර් රථයක තිබූ බව කියන රුපියල් ලක්ෂ 139ක් වටිනා මැණික් ගල් දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 11 වනදා කටුගස්තොට ප්‍රදේශයේ පැවති රගර් තරඟයක් නැරඹීමට පැමිණි අවස්ථාවේදී එම මැණික් ගල් අස්ථානගත වී ඇති බවට පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි එම විමර්ශන ආරම්භ කර ඇත්තේ.

සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණි බව කියන පැමිණිලිකරු එම මැණික් ගල් මෝටර් රථය තුළ තබා රගර් තරගය නැරඹීමට ගොස් ඇති බවටයි පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

සිය ඥාතියෙකු වන මැණික් ව්‍යපාරිකයෙකුගන් එම මැණික් ගල් වෙනත් පාර්ශවයකට අලෙවි කිරීම සඳහා ලබගෙන තිබූ බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

menu
menu