මෙරිකානු ගුවන් යානා ඉරාන ගුවන් කලාපයට
අමෙරිකානු නිරීක්‍ෂණ ගුවන් යානා පකිස්ථානය සහ ඉරානය අතර කලාපයේ සැරිසරා ඇති බව විදෙස් වාර්තා අද වාර්තා කර තිබෙනවා.
ඇතැම් ගුවන් යානා පකිස්ථානයේ සිට ඉරාන ගුවන් කලාපයට ඇතුළු වී යළි පැමිණ ඇති බවද සඳහන්.
ඉරානය මේ දිනවල අතිශය උණුසුම්.
ඒ, විරෝධතා තවමත් අවසන් නොවීම හේතුවෙන්.
මේ අතරතුර ඉරානය දෙසට ලෝකයේ තියෙන අවදානය අද තවත් වැඩි වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට මැදිහත් වීමත් සමගයි.
ට්‍රම්ප් ඉරානයේ විරෝධතාකරුවන්ට සිය විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ආරාධනා කර තිබෙනවා.
ඔවුන්ට අමෙරිකානු සහය ලැබීමට නියමිත බවයි ට්‍රම්ප් පවසන්නේ.
කෙසේවෙතත් ඒ කුමන ආකාරයේ සහයක්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැහැ.
විරෝධතා හේතුවෙන් මේ වන විට ඉරානයේ සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2,000කටත් වඩා වැඩි බව මානව හිමිකම් සංවිධාන පවසනවා.

