පාකිස්තාන - ශ්‍රි ලංකා තෙවන T20 තරගය
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ දෙවන විස්සයි විස්ස තරගය කාසිය වාසිය උරගා බැලීමකින් තොරව අතහැර දැමීමට තරග තීරක මණ්ඩලය ඊයේ රාත්‍රියේ තීරණය කළා.
ඒ, එම තරගය පැවැත්වීමට නියමිතව තිබූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ රාත්‍රී 08.30 දක්වා අදහැලුනු වර්ෂාව හේතුවෙන්.
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ ජය පකිස්ථාන කණ්ඩායම හිමිකර ගත්තා.
ඒ අනුව පකිස්ථාන කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවනවා.
දෙරට අතර අවසන් විස්සයි විස්ස තරගය, දිවා-රාත්‍රී තරගයක් ලෙස හෙට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

