ඉදිරි පැය විසි හතරේ වැසි තත්ත්වය පිළිබඳ දැනුම්දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන වනවිට පීඩන අවපාත තත්ත්වය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එය ක්‍රමයෙන් දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසුවා.

menu
menu