වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දි තිබෙනවා.
ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද සිට ලබන 27 වනදා දක්වා විදේශගතවිම හේතුවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ඒ අනුව අගවිනිසුරුවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කරනු ලබනවා.

