නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළදී රේගු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර, ගම්පොළ ප්‍රදේශයේ පදිංච් 25 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහු මෙම දුම්වැටි තොගය ඩුබායිහිදී මිළදී ගෙන, බහරේන් වෙත ගොස්, එතැන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 250 ක් එලෙස රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
එම නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.