විදුලි ගාස්තු 18.3% ඉහළ යයිද?

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර මහජන උපදේශනයක් පවත්වා විවිධ පාර්ශවවල අදහස් ලබාගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව ඊයේ දිනයේ එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සියයට 18යි දශම තුනකින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා එම මණ්ඩලය යෝජනා කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.