ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන දේ

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එම ඖෂධය සම්බන්ධයෙන් සිය රසායනාගාරයේ මේ වනවිටත් පරීක්‍ෂණ සිදුකරමින් ඇති බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ.

එමෙන්ම අදාළ ඖෂධය ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරික්‍ෂා කරන ලෙසට එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමද ඉල්ලීමක් කර ඇති බවද ඔහු පැවසුවා

menu
menu