රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවූවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ෂණයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පාර්ශ්වවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව අදාළ විමර්ශන සම්බන්ධයෙන්ද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

menu
menu